මුල් ආකෘති වෙනස් කර නීති විරෝධි ලෙස එකලස් කරමින් සිටි ජීප් රථ දෙකක් පොලිස් භාරයට

මුල් ආකෘතිය වෙනස් කර නීති විරෝධී ලෙස වෙනත් වාහන වල අමතර කොටස් යොදා එකලස් කරමින් තිබූ ජීප් රථ දෙකක් නෝර්වුඩ් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් භාරයට ගෙන ඇත.

නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචි පැරණි යකඩ ද්‍රව්‍ය එක්රැස් කරන අයෙකු විසින්  ධාවනයෙන් ඉවත් කරනු ලැබූ පැරණි ජීප් රථවල ලියාපදිංචි සහතිකයට අනුව නීති විරෝධී ලෙස ජිප් රථ දෙක එක් රැස් කිරිම සිදු කර අලෙවි කිරිමට සැළසුම් කර ඇති බවයි එම ජීප් රථ දෙක පරික්ෂා කල නුවරඑලිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා කියා සිටියේ.

මෙම ජීප් රථදෙක සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක වාර්ථාවක්ද කැදවන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා නෝර්වුඩ් පොලිසියට ලබා දුන් උපදෙස් අනුව නෝර්වුඩ් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් රජයේ රස පරික්ෂකවරයාට එම ජීප් රථ දෙක පරික්ෂා කර වාර්ථාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර ඇති බවයි නෝර්වුඩ් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *