මුලතිව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රිය අනතුරකින් මරුට

මුලතිව් ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලෙන්ද්‍රන් මහතා ගමන්ගත් කැබ් රථය ටිපර් රථයක ගැටී සිදුවූ දරුණු  අනතුරකින් වෛද්‍යවරයා මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පැවසීය.

වෛද්‍යවරයා මුලතිව් සිට වව්නියාව දෙසට කැබ්රථයෙන් ගමන්කරමින් සිට ඇති අතර ටිපර් රථය වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

එහිදී ටිපර් රථය ඉදිරියෙන් ගමන්ගත් ත්‍රී රෝදරථයක් පසුකොට යාමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකපල කරන අතර මෙම දරුණු අනතුරින් බරපතල තුවාල ලැබූ වෛද්‍යවරයා එම අවස්ථාවේදීම වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කළ ද ඒ වන විටත් මිය ගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරු පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *