මුදල් විශුද්ධිකරණ නඩුවකින් ඩේසි ෆොරස්ට් නිදහස් කෙරේ

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් හට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඇය නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

විත්තිකරු වන ඩේසි ෆොරස්ට් නඩු විභාගයට පෙනී සිටීමට මානසිකව සුදුසු දැයි තීරණය කිරීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හරහා ලබාගත් විශේෂ මනෝචිකිත්සක වාර්තාවක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

විත්තිකරු නඩු විභාගයට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බව වෛද්‍ය නිර්දේශ මගින් නිගමනය කර ඇති බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *