කොංගෝව රත්කළ මිනිස් බෝම්බය

නැගෙනහිර කොංගෝවේ අවන්හලකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නැගෙනහිර බෙනී නගරයේ ජනාකීර්ණ අවන්හලකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මරාගෙන මැරෙන බෝම්බකරු අවන්හල තුළට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ආරක්ෂක අංශ විසින් අවහිර කර ඇති අතර එහීදි ඔහු බෝම්බය පුපුරවාගෙන ඇත.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ප්‍රහාරය අයි.එස්. සංවිධානය විසින් එල්ල කරන්නට ඇති බවට සැක කෙරෙන අතර මෙතෙක් ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නොමැති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *