මාස අටට සංචාරකයෝ දාසය ලක්ෂය පන්නති

මේ වසරේ සැප්තැම්බර් 17 වන විට විදේශීය සංචාරකයන් 1,656,916 ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි රජය සඳහන් කරයි.

සංචාරකයන්ගේ පැමිණීම වැඩි කිරීම සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කරමින් රටවල් 40ක සංචාරකයන්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කිරීම වැදගත් සංධිස්ථානයක් බව රජය ප්‍රකාශ කරයි.

මෙම වසරේ මුල් මාස 8 තුළ පමණක් සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඇමරිකා ඩොලර් මිලියන 2290 ක් වන අතර, එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 5.7 %ක වර්ධනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *