මාර්ග සහ දුම්රිය මාර්ග අවහිර කරමින් බොහෝ ප්‍රදේශවල විරෝධතා වාර්තා

ඉන්ධන ඉල්ලා සහ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට විරෝධතා ක්‍රියාත්මකයි.

ඒ අනුව මේ වන විට පහත සඳහන් ප්‍රදේශවල විරෝධතා ක්‍රියාත්මක වේ.

ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක් හේතුවෙන් හලාවත – කොළඹ මාර්ගය කාක්කපල්ලිය සහ කටුනායක ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා
ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගය රබුක්කන ප්‍රදේශයෙන් අවහිර වෙයි
මහනුවර සිට කොළඹ දක්වා ඇතුළු ප්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනය නතර කර තිබෙනවා
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව හිඟුරක්ගොඩ, බද්දේගම, දිගන, ගාල්ල, මාදම්පේ, ගම්පොළ, මහනුවර, කෑගල්ල, මතුගම සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල විරෝධතා පැවැත්වෙන බව වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *