මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය

මෙවර මහමැතිවරණයේ සමස්ත ප්‍රතිඵල වලට අනුව මන්ත්‍රීධූර 128ක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇති අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ත් සමගම මන්ත්‍රිධූර 145ක් හිමි වී තිබේ. පොදුජන පෙරමුණ ඡන්ද 6,853,690ක සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 59.09%කි.

ඡන්ද 2,771,980ක් (23.9%) ලබාගෙන ඇති සමඟි ජනබලවේගයට ආසන 47 ක් හිමිවී ඇති අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 07ක් ලැබී තිබේ. ඒ අනුව සම්පූර්ණ මන්ත්‍රීධූර සංඛ්‍යාව 54කි.

මීට අමතරව ජාතික ජනබලවේගය ඡන්ද 445,958ක් (3.84%) ලබමින් මන්ත්‍රීධූර 2ක් හා ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධූරයක් හිමි කරගෙන ඇත. ඉලංගෙයි තමින් අරෂු කච්චි පක්ෂය ඡන්ද 327,168ක් (2.82%) ලබාගෙන ආසන 9 ක් හිමිකරගෙන ඇති අතර ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ආසනයක්ද හිමිවී තිබේ.

ඡන්ද 249,435ක් (2.15%) ලැබි ඇති එජාපයට කිසිදු ආසනයක් හිමිව නැති අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණක් හිමි වී තිබේ. මෙයට අමතරව තමින් කොන්ග්‍රස් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ආසනය බැගින් ලබාගෙන ඇති අතර ඊපීඩීපී පක්ෂය ආසන දෙකක් ලබාගෙන ඇත.

අදාළ පක්ෂ විසින් (ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන හැර) ලබාගත් ආසන සංඛ්‍යාවන් පහතින් දැක්වේ.

all ailand

Leave a Reply

Your email address will not be published. Required fields are marked *