LK reports news sinhala

බදියුදීන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකර ඇත.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ මහතා කරුණු දක්වා ඇත්තේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශණ කටයුතු සංකීර්ණ බවත්, පෙත්සම්කරු වන රිෂාඩ් බදියුදීන් ඉල්ලා සිටින ආකාරයට තහනම් නියෝග නිකුත් කිරීමෙන් මෙම පරීක්ෂණ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට දැඩි බාධා එල්ලවන බවත්ය. ඒ අනුව දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *