මහර

මහර දහයකට බරපතලයි..109කට තුවාලයි.. මැරුණු සිරකරුවන් හඳුනා ගන්න තවමත් නොහැකියි

මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ පිරිස 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් දස දෙනෙකු පමණ බරපතල තත්ත්වයේ පසු වනවා.

රැඳවියන් 107ක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඒ අතර වන බවත් අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව වාර්තා වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතර මහර බන්ධනාගාර ගැටුමෙන් පසු ජීවිතක්‍ෂයට පත් රැඳෙව්වන් පිරිසගේ මෘත ශරීරවල අනන්‍යතාව තහවුරු කර ගැනීමට ක්‍රමයක් නොමැති වීමෙන් ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්ථා වේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ එම බන්ධනාගාරයේ ලේඛනවලට, ඡායාරූපවලට හා සිර අංකවලට සිදුවූ විනාශය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මෙම තත්ත්වය නිරාකරණය කර ගැනීමෙන් පසුව එම මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *