මන්ත්‍රීලා විස්සක් වෙඩි උණ්ඩෙට බිලි

පසුගිය වසර 25 ක කාලයේදී විවිධ තරාතිරම්වල දේශපාලඥයන් විසිදෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි.

මේ පිරිසට  පළාත් පාලන ආයතන සභාපතිවරු තිදෙනෙක්ද ඇතුළත්  වෙති.

මෙයට අමතරව පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්  රැසක්ද මෙම කාල සීමාවේදී වෙඩි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇත.

පාතාල කල්ලි අතර පවතින ගැටුම් මෙම ඝාතන බොහොමයකට හේතුව බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී  ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *