මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 333 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ අද අළුයම 05 න් අවසන් වූ ගත වූ පැය 23 ක කාලය තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 333 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සිදුකරනු ලැබුවේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුවයි.

එහිදී ගංජා සන්තකව සිටි සැකකරුවන් 72 දෙනෙකුත්, හෙරොයින් ළග තබාගෙන සිටි සැකකරුවන් 135 දෙනෙකුත්, සහ නීති විරෝධි මත්පැන් බෝතල් 617 ක් සමග සැකකරුවන් 92 දෙනෙකුත් අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *