බොරැල්ල පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකුට තුවාල

බොරැල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර බිත්තියක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා භාවිතා කරන ලද බැකෝ යන්ත්‍රයක් බිත්තියේ ගැටීමෙන් එය කඩා වැටුණු බව වාර්තා විය. ඒ අවස්ථාවේ පාසල් ක්‍රීඩා පිටියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙකු සුන්බුන් අතර සිරවී සිටියද ඉක්මනින් බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. එක් සිසුවෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

සිද්ධියට සම්බන්ධ 48 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *