බැසිල් අමාත්‍ය වරයෙකු ලෙස දුවුරුම් දීම අද දින

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ බැසිල් රාජපක්ෂ මහතා අද කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ය.

අද පෙරවරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා සාම්ප්‍රදායානූකූලව මන්ත්‍රීවරයෙකු ලෙස අද දිනයේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට ද නියමිතය.

ජයන්ත කැටගොඩ මහතාගෙන් පුරප්පාඩු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරමින් එය මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළේය.

අනතුරුව එම කොමිසමේ ඒකමතික තීරණය අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *