බලපත්‍ර නොමැතිව ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස නිෂ්පාදනයක් අලෙවි කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස හැඳින්වෙන නිෂ්පාදනයක් අලෙවි කළ පුද්ගලයෙකු බටපොල ඉලුක්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

50 හැවිරිදි අදාළ පුද්ගලයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

ඔහු බටපොල එගොඩාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මෙම නිෂ්පාදනය ජනතාවට අලෙවි කර ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *