බංග්ලාදේශය පළමු ඉනිම 178න් නවතියි

දෙවන ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයේ මීට සුළු මොහොතකට පෙර ලකුණු 178කට සියලුදෙනා දැවී ගියේය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 10යි පන්දු 4කදී ලකුණු 34කට කඩුලු 4ක් දවාගත්තේය.

ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 353ක් පසු පසින් සිටින අතර ඔවුන් මුළු ලකුණු 200කට අඩුවෙන් පිට පිට දැවී ගිය තුන්වැනි අවස්ථාව මෙය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *