පෞද්ගලික බස් අඛණ්ඩ වර්ජනයකට සැරසේ

ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්වී අඛණ්ඩ වර්ජනයක් කරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් එකමුතුව පවසයි. ඒ රජය පෞද්ගලික බස් හිමියන්ට ලබාදෙන බවට පොරොන්දු වූ සහන මෙතෙක් ඉටු නොකිරීම හේතුවෙන්.

මේ බව සඳහන් කළේ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය, දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය ඇතුළු සංගම් පහක් ඒකාබද්ධව ඊයේ (08) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

බස්රථ සංගම් නියෝජිතයන් පවසන්නේ තමන්ට පොරොන්දු වූ රුපියල් ලක්ෂ තුනක බැංකු ණය ඇතුළු සහන ලබාදීම පැහැර හැර ඇති බවත් රජයේ පොරොන්දු මාධ්‍ය ඉදිරියේ කළ සංදර්ශන පමණක් බවත් පවසයි. එමෙන්ම රජයේ නියෝග පිළිපැදීමට ලීසිං සාමාගම්ද කටයුතු නොකරන බව ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *