එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ලාංකිකයින් 298ක් මත්තලට

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (09) අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකුගෙන් යුත් පිරිසක් රැගෙන මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. අද උදෑසන 6.05ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස පැමිණ තිබේ.

මෙසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් වන අතර මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව ඔවුන් සියළු දෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *