metro railway line proposed from Port City to Negombo

පෝට් සිටියේ සිට මීගමුව දක්වා මෙට්‍රෝ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැලසුම්…

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දිවෙන එලිවේට් මෙට්‍රෝ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට රජය සලකා බලයි.

මහාමාර්ග අමාත්‍යාංශයට අනුව, මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් යෝජිත එසවුම් මෙට්‍රෝ දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත.

අමාත්‍යවරයා, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ආයෝජන මණ්ඩලයේ නියෝජිතයින් සහ අමාත්‍යාංශ නිලධාරීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වුණේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීයි.

එසවුම් මෙට්‍රෝ දුම්රිය යෝජනා කරන සමාගම මෙට්‍රෝ දුම්රිය මාර්ගය ඉදි කිරීමේදී කිලෝමීටර් 41 ක දුරක් විහිදෙන අතරමග දුම්රිය ස්ථාන 25 ද සංවර්ධනය කිරීමට යෝජනා කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 2.5 ක ආයෝජනයක් දැරීමට ද සමාගම යෝජනා කර තිබුණි.

එම යෝජනාවට අනුමැතිය ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මෙම කැබිනට් පත්‍රිකාව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය අතර ඒකාබද්ධ පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *