පොහොර ගැන කැබිනට් තීරණ තුනක්

2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ තුනක් ගෙන තිබේ.

2024 යල කන්නයේ වී වගාව සඳහා යුරියා, TSP සහ MOP යන රසායනික පොහොර පිළිවෙලින් මෙට්‍රික් ටොන් 110298.1ක් මෙට්‍රික් ටොන් 27711.1ක් සහ මෙට්‍රික් ටොන් 33412.4ක් අවශ්‍ය බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු කර තිබේ.

ඒ අනුව 2024 යල කන්නය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින්ද පොහොර ආනයනය කර පෞද්ගලික අංශය සමඟ තරගකාරී ලෙස ගොවීන් වෙත සහනදායී  මිලකට පොහොර අලෙවි කිරීම,2024 යල කන්නයේ දී වී වගාව සඳහා එක් ගොවියකුට වගා කරන ලද උපරිම හෙක්ටෙයාර්  දෙකක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15000 බැගින් වූ මුදලක් මූල්‍ය සහනාධාරයක් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබාදීම, නියමිත සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීම යන තීරණ කැබිනට් මණ්ඩලය විසින් ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *