පොහොට්ටුවේ ජනපති හොයන්න සාකච්ඡාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ  රැස්වීමක් එහි ජාතික සංවිධායක,බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම  පක්ෂ කාර්යාලයේදී අද  (21) පෙරවරු 10.00 ට පැවැත්වේ.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා   ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මැති ඇමතිවරුන්  පක්ෂ නායකත්වයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

පක්ෂයේ තවත් පිරිසක් කියා සිටින්නේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් පුද්ගලයකුට ලබා දිය යුතු බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත්වී   ඇති   විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්ද මෙහිදී  සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *