dasun Shanaka

පුහුණු සැසිය සඳහා දසුන් ශානකත් එක් වෙයි

ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන සිව් වැනි තරගය අද (21) නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

අවසන් පුහුණු සැසිය සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය පුහුණු සැසියක් නොවූ අතර, ඒ සඳහා එක් ව සිටියේ, ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පමණක් බව වාර්තා වේ.

එම ක්‍රීඩකයන් කිහිප දෙනා අතර ආබාධයකට ලක් ව සිටි ශ්‍රී ලංකා නිත්‍ය එක්දින නායක දසුන් ශානක ද සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ මේ දක්වා සහභාගි වූ තරග තුනේ දී දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් විය.

නෙදර්ලන්තය මේ දක්වා සහභාගි වූ තරග 03න් දෙකක් පරාජයට පත් වූ අතර, ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහි ව පෙරළිකාර ජයක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රි ලංකාව සහ නෙදර්ලන්තය එක්දින ලෝක කුසලානයක දී එකිනෙකා හමු වන පළමු අවස්ථාව මෙය වන අතර, එම තරගය හෙට උදෑසන 10යි 30ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *