පාකිස්තාන T20 තරගාවලියට පාතුම් නිස්සංකගේ සහභාගීත්වය අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු පාතුම් නිස්සංක මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙන් පාකිස්තානයට එරෙහි T20 තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

එංගලන්තයට එරෙහිව පැවති මෑත එක්දින තරගාවලියටද සුළු ආබාධයක් සහිතව නිස්සංක ක්‍රීඩා කළ අතර, තරගාවලියේ තෙවැනි තරගයේදී ඔහු යම් අපහසුතාවකින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 4 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලියට පෙර නිස්සංක සම්පූර්ණ සුවය ලබා ගැනීම කණ්ඩායමේ බලාපොරොත්තුව වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *