පාකිස්තානයට විශිෂ්ට ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා නෙදර්ලන්තය අතර අද (06) පැවති තරගයෙන් ලකුණු 81ක පහසු හා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම සමත් විය.

හයිද්‍රාබාද් හී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම, සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කළේය.

නමුත් පිළිතුරු ඉනිම සඳහා නෙදර්ලන්තයට රැස් කර ගත හැකි වූයේ, සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 205ක් පමණි.

නෙදර්ලන්තය වෙනුවෙන් ඩි ලීඩ් ලකුණු 67ක් සහ වික්‍රම්ජිත් සිං ලකුණු 52ක් රැස් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *