පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම පිළිබඳව ගුරු සංගම් වලින් නිවේදනයක්

2022 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අධ්‍යාපන ලේකම් විසින් 2021.05.31 දිනැතිව නිකුත් කර ඇති පුවත් පත් නිවේදනය මගින් පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 35 සිට 40 දක්වා ඉහළ දැමීමෙන් 2011 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තින්දුව උල්ලංඝනය වී ඇතැයි ලංකා ගුරුසේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව අදාළ තීන්දුව උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් එම සංගමය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *