පරිසර දිනයේම පරිසරය විනාශ කරලා

ලෝක පරිසර දිනය යෙදී තිබූ ඊයේ දිනයේදී දඹුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරලගොල්ල ග්‍රාම නිලධාරි වසමේ පිහිටා තිබූ වලළගම්බා රජ දවස ඉදි වූ බව කියන ඒදඬුකොටේ වැව් බැම්මේ වටිනා ගස් ඩෝසර් දමා විනාශ කර ඇත.
වැව් බැම්ම කපා ඉඩම් අල්ලා ගැනීමේ ජාවාරමක් ඒ හරහා ක්‍රියාත්මක බව ප්‍රදේශවාසින් චෝදනා කරයි.

පෙරවරුවේ සිදු වූ  මෙම පරිසර හානිය පිළිබඳව අවස්ථා ගණනාවකදීම දඹුල්ල ගොවිජන සේවා නිලධාරීන්ට දැනුම් දුන්න ද කිසිදු අයෙකු පැමිණ මෙම විනාශය නවතා දැමීමට කටයුතු නොකළ බව ප්‍රදේශවාසීන් පැවසුවේය.

කෙසේවෙතත් දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරී සම්පත් කුමාරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම විනාශය පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බව. ඒ සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *