නුවරඑළියේ ජනයා වතුර නැතිව පීඩාවට

නුවරඑළිය  මහ නගර සභාවේ පාලන බල ප්‍රදේශයට  අයත් ලවර්ස්ලීප් විනායකපුරම් හා නවගංගොඩ ප්‍රදේශයේ ජීවත්වන  ජනතාව පසුගිය  දින 21ක් පුරාවට බීමට , වැසිකිලි භාවිතය ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතාවන් වලට ජලය නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව එදිනෙදා ජීවන කටයුතු සාමාන්‍ය පරිදී ගෙන යාමට දැඩි ලෙස අපහසුතාවයට පත්වීමක් දක්නට ලැබේ ,

පාසල් යන සිසුන් තම පාසල් නිල ඇඳුම් පවා සේදීමට ජලය නොමැතිව  පාසල්  නොයා නිවස් වලට ජලය එක්රැස් කිරීම වෙනුවෙන් දෙමාපියන් සමග කටයුතු කරන බවද ප්‍රදේශවාසීහු පවසති ,

මෙම තත්ත්වය  නුවරඑළිය මහ නගර සභාවට  අයත්  ප්‍රදේශ රැසකම්ස් දක්නට ලැබෙනු ඇතැයිද ප්‍රදේශවාසීහු චෝදනා කරති ,

අඛණ්ඩව නුවරඑළිය ප්‍රදේශයෙ පවතින දැඩි උෂ්ණාධික කාලගුණික සත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට විශාල වශයෙන් හානි සිදුවී ඇති බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති ,  සිය නිවස්වල ආහාර අනුභව කළ භාජන දින ගණනාවකින් සෝදා ගැනීමට නොහැකිව කාන්තාවන් පීඩා විඳින බවද ඔහු වූ බැසිවිලි නගති ,

මෙම ගැටලුව සම්භන්දයෙන්  අවස්ථා කිහිපයකදීම නුවරඑළිය නගර සභාවේ නාගරික කොමසාරිස් තුමිය දැනුවත් කළද ඒ සඳහා  විසඳුම් ලැබී නොමැති බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් කියති.

ප්‍රදේශවාසීන් නගන චෝදනා පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ වැඩ බලන  නාගරික කොමසාරිස් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) සුජීවා බෝධිමාන්න මහත්මියකින් කළ විමසුමකට කියා සිටියේ  අධික අව් රශ්මියක් සහිත දේශගුණික තත්ත්වයක් පවතින බැවින් මෙම ගැටලුව නුවරඑළිය නාගරික බල ප්‍රදේශයට තදින්ම බලපා ඇති අතර නුවරඑළිය මහ නගර සභාව වශයෙන් මහජනතාවට අවශ්‍ය ජලය සැපයීමට නිරන්තරයෙන්ම කටයුතු කරන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *