නුගේගොඩ රැලියට සජබෙ කවුරු හරි යනවා

ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ රැලියට බොහෝ දුරට  පක්ෂයේ කවුරු හෝ නියෝජිතයකු සහභාගී වනු ඇතැයි  සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවත් ඉදිරි දිනවල  දේශපාලන මණ්ඩලය ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා එම රැලියට කෙරුණු  ආරාධනය ප්‍රතික්ෂේප කර නැතැයි කී මන්ත්‍රීවරයා  ඒ ගැන සාකච්ඡා කරගෙන යන බවද කීවේය.

මෙම රැලිය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *