ධනුෂ්කොඩියට නීතිවිරෝධීව බෝට්ටුවකින් ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

ධනුෂ්කොඩිය වෙත නීතිවිරෝධීව බෝට්ටුවකින් ගමන් කළ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඉන්දීය මැරීන් පොලිසිය විසින් සිකුරාදා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

“The Hindu” වාර්තාවට අනුව, සාගර් කවච් (Sagar Kavach) වෙරළ ආරක්ෂක අභ්‍යාසයේ කොටසක් ලෙස මුර සංචාරයේ නිරත වූ නිලධාරීන් දෙදෙනා වෙරළ තීරයේ සැක සහිත ලෙස හැසිරෙන ආකාරය නිරීක්ෂණය කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි ජී. විග්නේෂ්වරන් (31) සහ එම්. ලුසිනත් (30) යන දෙදෙනාය.

ප්‍රශ්න කිරීම්වලදී, වත්තල ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැක කෙරෙන මෙම පුද්ගලයන් දෙදෙනා ශ්‍රී ලංකා බලධාරීන් විසින් සොයමින් සිටි බවට ඉන්දීය නිලධාරීන් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

එමෙන්ම ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක්ද විභාග වෙමින් පවතින බව සඳහන් වේ.

ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව, සැකකරුවන් දෙදෙනා තිරුචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රය තුළ පිහිටි විශේෂ කඳවුරකට මාරු කර යවා ඇත.

වාර්තා අනුව, සැකකරුවන් දෙදෙනා සතියක් ඇතුළත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *