දුෂ්මන්තට බංග්ලාදේශ සංචාරය අහිමිවෙයි

බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරට අහිමි වන අතර එම ස්ථානයට අසිත ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර තිබේ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගියදා මෙරට පැවැති එක්දින තරගාවලියේ පළමු තරගයේදී දුෂ්මන්ත ආබාධයට ගොදුරු වීමෙන් පසුව අසිත ප්‍රනාන්දු එක්දින සංචිතයට කැඳවුවද විස්සයි20 සංචිතයේ ස්ථානය අහිමිවිය.

බංග්ලාදේශයට එරෙහිව පළමු විස්සයි20 තරගය ලබන මාර්තු මස 4 වැනිදා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *