දිගින් දිගටම අසාර්ථක අවිශ්කට කණඩායමේ තැන අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට අදාළ එක්දින තරගාවලියට සහභාගී වන නිල ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

දිගින් දිගටම අසාර්ථක වු අවිශ්ක ප්‍රනාන්දු මෙම සංචිතයට ඇතුළත්ව නොවන අතර මෑත කාලයේදි දේශීය තරග පිටියේදී දක්ෂතා දැක්වූ පවන් රත්නායක, නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

තරගාවලියට එක්දින තරග 2ක් සහ පන්දුවාර විස්සයි20 තරග 3ක් ඇතුළත් අතර ශ්‍රී ලංකා එක්දින කන්ඩායම හෙට (22දා) රාත්‍රී දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

01. චරිත් අසලංක (නායක) 02. පැතුම් නිශ්ශංක 03. නිශාන් මධුෂ්ක 04. කුසල් මෙන්ඩිස් 05. සධීර සමරවික්‍රම 06. නුවනිදු ප්‍රනාන්දු 07. කමිදු මෙන්ඩිස් 08. ජනිත් ලියනගේ 09. පවන් රත්නායක 10. දුනිත් වෙල්ලාලගේ 11. මිලාන් රත්නායක 12. මහීෂ් තීක්ෂණ 13. ජෙෆ්රි වැන්ඩසේ 14. අසිත ප්‍රනාන්දු 15. දුෂ්මන්ත චමීර 16. ඩිල්ෂාන් මධුසංක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *