දකුණු අප්‍රිකාව ලෝක කුසලාන රග්බි අවසන් ගැටුමට

දකුණු අප්‍රිකාව රග්බි කණ්ඩායම ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 15ට 16ක් ලෙස තියුණු ජයක් ලබාගනිමින් ඔවුන් අවසන් තරගයේ සිය ස්ථානය වෙන්කරගත්තේය.

ඒ අනුව ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ජයගත් නවසීලන්ත කණ්ඩායම සමග දකුණු අප්‍රිකා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් 29 වනදා ලෝක කුසලාන රග්බි අවසන් මහා තරගයට එක්වනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *