දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 33 හැවිරිදි පුද්ගලයෙක් මියයයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 57 කණුව ප්‍රදේශයේදී ඊයේ (26) අලුයම සිදුවූ රිය අනතුරකින් 33 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පින්නදූව සිට කොට්ටාව දෙසට ධාවනය වූ මෝටර් රථයක රියදුරු මාර්ගය අයිනේ නවතා පිටුපස ටයරය මාරු කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම දිශාවටම ධාවනය වූ තවත් වාහනයක් මෝටර් රථයේ ගැටීමෙන් රථයෙන් බැස ගිය පුද්ගලයා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වැලිගම, කොක්මාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් අනෙක් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහාමාර්ග පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *