තණතීරුව හැදුවේ මට ඕන විදියට – ගොඩ්ෆ්‍රී දබරේරා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තණතීරුව ඉන්දියාවට වාසි සහගත ලෙස සැකසූ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩාංගණ තණතීරු භාරකරු ගොඩ්ෆ්‍රී දබරේරා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, තමා තණතීරු සකසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුව බවය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පසුගිය ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරය.

එම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 50කට සීමාවෙමින් දරුණු පරාජයකට මුහුණදීමත් සමග තරගය පාවාදුන්නේදැයි විවිධ අදහස් පළවුණි.

ඇතැමුන් එම චෝදනාව එල්ල කළේ, තරග පැවැති ක්‍රීඩාංගණ වර්ෂාවෙන් ආරක්ෂාක කළ සේවකයින්ට ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඩොලර් 50,000ක මුදලක් ලබාදීම හේතුවෙනි.

එදින එම චෙක්පත් භාරගත් මෙරට ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තණතීරු භාරකරු ගොඩ්ෆ්‍රී දබරේරා මහතා කරුණු රැසක් අනාවරණ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *