ටෙස්ලා අභිබවා ගිය චීනයේ BYD

ද්‍යුත් වාහන වෙළෙඳපොළ දැඩි ලෙස තරගකාරී ය. එහි කාලයක් ප්‍රමුඛයා වූයේ ඊලොන් මස්ක් ගේ ටෙස්ලා සමාගමයි.

එම සමාගමට අභියෝගයක් එල්ල කිරීමට චීන BYD සමාගම සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

ඒ, 2023 වසරේ අවසාන කාර්තුවේ දී විද්‍යුත් වාහන (battery-only) 526,000ක් පමණ අලෙවි කිරීමෙනි.

ඒ අනුව ටෙස්ලා සමාගම විසින් එම කාර්තුව තුළදී විකුණනු ලැබූ විද්‍යුත් වාහන ගණන 484,500කි.

එහෙත් 2023 වර්ෂය සඳහා වැඩිම විද්‍යුත් වාහන ගණනක් අලෙවි කර ඇත්තේ ටෙස්ලා සමාගමයි. එය මිලියන 1.8කි.

ඒ අනුව 2022 ට සාපේක්ෂව 2023 දී ටෙස්ලා සමාගමේ විද්‍යුත් වාහන අලෙවිය 20%කින් ඉහළ ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *