ජෙරම් ට ඇප

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදාහැර තිබේ.

අද (03) නඩුව කැදවු අවස්ථවේ දී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදාහැරි බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

කෙසේවෙතත් ඔහුට තවදුරටත් විදෙස් ගමන් තහනමක් පැනවු බව වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය වසරේ මැයි මාසයේ දී ආගම් පිළිබඳ අවමන් සහගත ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *