ජූනි මාසයේ දෛනික කොවිඩ් මරණ ඉහළට

ජුනි මාසයේ ගතවූ දින 08 තුළ පමණක් කොවිඩ් මරණ 359ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එය කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භවීමෙන් අනතුරුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්යානවෙන් සියයට 20කට ආසන්න ප්‍රතිශතයක් බව සංඛ්‍යාලේඛනවලින් පෙනී යයි.

දිනක් තුළ තහවුරු කළ වැඩිම මරණ ගණන ලෙස මරණ 54ක් ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබූ අතර ඉන් මරණ 08ක් නිවෙස් තුළ හෝ රෝහල්ගත කරන අතරතුර සිදුව තිබුණි.

මෙම මාසයේ ගත වූ දින 08 තුළ තහවුරු කළ කොවිඩ් මරණ 359න් 92ක්ම එනම් 25%ක් නිවෙස් තුළ හෝ රෝහල්ගත කරන අතරතුර සිදුවූ මරණ ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව මෑත කාලයේ වාර්තා වූ සෑම කොවිඩ් මරණ 4කින් එක් මරණයක් නිවෙස් තුළ හෝ රෝහල්ගත කරන අතරතුර සිදුවූ මරණයක් ලෙස සැලකිය හැකිය.

මේ අතර කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක හෙද,පරිපූරක, අතුරු වෛද්‍ය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් අද උදෑසන 8 සිට දහවල් 12 දක්වා සංකේත වැඩවර්ජනයක නිරත විය.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සඳහන් කළේ දෙවසරකට වැඩි සේවාකාලයක් සහිත අනියම් හා ආදේශක සේවකයින් ස්ථිර කිරීම, කොවිඩ් අවදානම් දීමනාවක් ලබාදීම, අතිකාල දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කරගනිමින් එම සංකේත වැඩවර්ජනය පැවැත්වූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *