ජ්‍යේෂ්ඨ පුරවැසියන් සදහා දින 03ක් ෆාමසි විවෘත කෙරේ

ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත හෙට (02), අනිද්දා (03) සහ අප්‍රේල් 06 වැනිදා යන දින 3හි රාජ්‍ය ඔසු සැල් සහ සියලුම පෞද්ගලික ඖෂධ අලෙවිසැල් විවෘතව තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

විශ්‍රාම වැටුප් ලබාගන්නා ජේෂ්ඨ පුරවැසියන්ට සිය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙලෙස ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර ගනු ලබන අතර ඔවුන්ට සිය ජේෂ්ඨ පුරවැසි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *