Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ජයග්‍රහණය පෙනි පෙනී ශ්‍රී ලංකාවට පරාජය අත්වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 ක්‍රික්ට් තරගයෙන් ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය ඉනිමට කඩුලු 08ක් දැවී ලකුණු 172ක් රැස් කළේය.

ඒ අනුව ජයග්‍රාහී ලකුණු 173ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 164ක් පමණී.

තරගය ආරම්භක කඩුල්ලට ශ්‍රී ලංකා කණ්ඩායම ශතක සබඳතාවයක් ගොඩ නැගුවද ඉන් පසු මැද පෙළ අසාර්ථක වීමෙන් මෙලෙස පරාජයට පත් විය.

ඔබේ අදහස