ජනපති රාජ්‍ය අමාත්‍යංශවල ප්‍රගතිය සොයා බලයි

රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී විමසුමට ලක් කළේය.

ඒ ඒ රාජ්‍ය අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය, ඉලක්ක සපුරා ගැනීම හා ඉදිරි සැලසුම් රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොවිඩ් වසංගතය හමුවේ සිය අමාත්‍යාංශ, ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් ආර්ථිකයේ සුරක්ෂිතතාවට මුල්තැන දෙමින් ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති  බව රාජ්‍ය අමාත්‍යවරුන් එහිදී පෙන්වා දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *