ගෙවල් කුලී අලුත් පනත ’’යකෙක්’’ නොවේ

ගෙවල් කුලී සම්බන්ධයෙන් ගෙන ආ නව පනත් කෙටුම්පත මගින් කුලී නිවැසියන්  නීත්‍යානුකූලව ඉවත් කිරීමට  කිසිම තහනමක් පැනවෙන්නේ නැතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී  පැවැසීය.

එම පනතින් නතර කර ඇත්තේ කුලී නිවැසියන්ට  හිරිහැර කර අනීතිකව පන්නා දැමීම පමණක් බව අමාත්‍යවරයා කීය.

“නීතියක් හැදීමේදී ඒ ගැන සාකච්ඡාවක් නිර්මාණය වීම ඉතා හොඳ දෙයක්.එවිට නීතිය හොඳ තත්ත්වයකට එනවා.නමුත් ඒ ගැන සාකච්ඡාව වන්නේ ද්වේශ සහගතව නම් පනත තේරුම් ගන්නේ නැතිව අරමුණ විනාශ කරන්න උත්සාහ ගන්නවා.මහ හඬින් කෑ ගහලා කියන හැමදේම ඇත්ත නෙමෙයි.ගොඩක් වෙලාවට බොරුවේ සද්දෙ වැඩියි.කුලී නිවාස ගැන ඉදිරිපත් කෙරුණු නීතිය ගැනත් එවැනි අසත්‍ය කරුණු පතුරුවනවා” යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *