ගිල්වූ නැවේ තිබූ විශ රසායනික ද්‍රව්‍ය පිළිබඳව පළමු වරට අනාවරණයක්

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් මෙරට තුළ ගොඩබෑමට රැගෙන ආ ඒවා නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

එහි සභාපති ජෙනරාල් දයා රත්නායක කියා සිටියේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 81 ක් නෞකාව තුළ තිබූ බවය.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තවත් අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් නෞකාව තුළ තිබිය හැකි බවයි.

මේ හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුව ඇති බව ඔහු පවසයි.

ගිනි නොගත් බහාලුම් මොනවාද යන්න හා ඒවායේ ඇත්තේ මොනවාදැයි කිසිවෙකු නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දුන්නේය.

මේ අතර නෞකාවේ ගමන්පථ දත්ත ගබඩාව සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ මෙහෙයුමක් දියත් කිරීම ආරම්භ කරන ලදි.

නෞකාවේ ඉදිරි කටයුතුවලදී ඉන්දන කාන්දුවක් සිදු නොවන ලෙසට වගබලා ගත යුතු බවට නෞකාවේ ගැලවුම්කාර සමාගමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනටමත් ලිඛිත නියෝගයක් ලබාදී අවසන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *