ගෑස් මිලදී ගැනීමේදී රූබල් වලින් ගෙවීම් සිදු කරන ලෙස රුසියාව පවසයි.

රුසියාවෙන් ගෑස් මිලදී ගැනීමේදී රූබල් වලින් ගෙවීම් සිදු නොකලහොත් ගෑස් සැපයීම අත්හිටුවන බවට රුසියාව දන්වා ඇත.

ඇමෙරිකාව හා යුරෝපා රටවල් රුසියාවට සම්බාධක පැනවීමෙන් පසු රුසියානු ගෑස් සදහා රූබල් වලින් ගෙවීම් කළ යුතු යයි රුසියා ජනාධිපතිවරයා සදහන් කලේය.

නමුත් යුරෝපා රටවල් දන්වා ඇත්තේ රූබල් වලින් ගෙවීම් කිරීමට තමන් සූදානම් නැති බවයි.

ඒ අනුව ඊට ප‍්‍රතිචාර ලෙස රුසියාව පවසා ඇත්තේ රූබල් වලින් ගෙවීම් සිදුනොකරන්නේ නම් ගෑස් සැපයීම අත්හිටුවන බවය.

රුසියාවට සම්බාධක පැනවීමෙන් පසු යුරෝපා කලාපයේ විදුලි, ඛණිජ තෙල් හා ගෑස් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

මේ අතර ජර්මන් කර්මාන්ත ෆෙඩරේෂනය පවසන්නේ රුසියාවෙන් ගෑස් නෙවාලැබුනහොත් ජර්මනියේ කර්මාන්ත ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක්විය හැකි බවයි. එනිසා රුසියාවට එරෙහිව ගෑස් සඳහා සම්බාධක පැනවීම කළ නොහැකි බවද ඔවුන් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *