ගම් වාසීන්ට තර්ජනය කෙරූ හෝටල් හිමියා

තංගල්ල උණාකූරුව උපාසකවැල්ල තොටුපොළට යන මාර්ගයේ පිහිටි සංචාරක හෝටලයක අයිතිකරුවෙකු එම මාර්ගය භාවිත කරමින් තොටුපොළට යන ධීවරයින්ට බාධා කළ සිදුවීමක් වාර්තා වී තිබේ.

විදෙස් ජාතික පුද්ගලයෙකු වන එම තැනැත්තා මන්නා පිහියක් අතැතිව සිටින අයුරු ජංගම දුරකථනයක ද සනිටුහන්ව තිබුණි.

කෙසේවෙතත් එම සිදුවීමත් සමඟ ජනතාව එම ස්ථානයෙන් ගමන් කිරීමට නොලැබීම හේතුවෙන් කලබලකාරී ලෙස හැසිරෙන්න ට වු බව වාර්තා විය.

අනතුරුව සිදුවීම නිරාකරණය කිරීම සඳහා එම ස්ථානයට පැමිණි තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් ගැටලුව සමතයකට පත්කර ජනතාවට අඩි 10ක මාර්ගයක් එම ස්ථානයෙන් ගමන් කිරීමට ලබාදෙන බවට වු පොරොන්දුව මත ඔවුන් විසිර ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *