ගංවතුර තත්ත්වය බලා සිට වතුරට වැටුණු පුද්ගලයාගේ සිරුර හමු වේ

දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාවෙන් මේ වනවිට බලපෑම් එල්ල වී ඇති දිස්ත්‍රික්ක ගණන 10කි.

කැලණි, ගිං, කළු, නිල්වලා යන ගංගා මෙන්ම මා ඔය හා අත්තනගලු ඔය ඇතැම් ස්ථානවලින් පිටාර ගැලීමෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

කොළඹ හලාවත  දුම්රිය මර්ගයේ  ලුණුවිල  දුම්රිය පොළ අසන්නයේ දුම්රිය පාලමේ සිට ගංවතුර නරඹමින් සිටියදී ජලයට ඇද වැටුණු  පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුව බේරා ගැනීමට ප්‍රදේශවාසින් සමත් වී තිබුණි.

අනෙක් පුද්ගලයා අතුරුදන්ව සිටි අතර ඔහුගේ සිරුර පසුව සොයා ගැනුණි.

මේ අතර දිස්ත්‍රික් 09 කට පනවා ඇති නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අද පෙරවරු 08.00න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය බිබිල ප්‍රදේශයෙන් වාර්තා වුණි.

එය මිලිමීටර් 41.5 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *