කෝලි සහ රාහුල් ඉන්දියාව බේරා ගනිති

විරාත් කෝලි සහ කේ එල් රාහුල්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ඔස්ට්‍රේලියාව පරදවා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

මෙම තරගය චෙන්නායි හිදී පැවැත්වුණි.

එහිදී කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

නමුත් ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 199ක් පමණි.

නමුත් ඉන්දීය ඉනිමේ ආරම්භය සුබ වූයේ නැත.

ඔවුන්ගේ පළමු කඩුලු 3ම ලකුණු 2කට දැවී ගියේය.

ඉෂන් ක්‍රිෂන්, නායක රෝහිත් ශර්මා සහ ශ්‍රේයස් අයියර් ලකුණු ලබාගැනීමට අපොහොසත් වූහ.

අනතුරුව පිටියේ එක්වූ කෝලි සහ රාහුල් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියහ.

ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ල සඳහා ලකුණු 165ක් එක් කළහ.

කෝලි ලකුණු 85යි.

ඒ අනුව තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

ඉන්දියාව තරගය ජයග්‍රහණය කළේ පන්දු ඕවර 41.2කදීය.

කේ එල් රාහුල් නොදැවී ලකුණු 97යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *