කෝටි 9 මැණික් ගල් අරන් සල්ලි ගත් සැකකරු කොටුවෙයි

රුපියල් අටකෝටි අසූ ලක්ෂ පනස්දාහක් වටිනා මැණික් ගල් 9 ක් ලබාගෙන ඒ සඳහා අගරු චෙක්පත් ලබා දී මුදල් වංචා කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු පැමිණිලි කරුගෙන් මැණික් ගල් 9 ලබාගෙන ඒ සඳහා රුපියල් හය කෝටි හතළිස් හය ලක්ෂයක අගරු චෙක්පත් ලබාදී  විශ්වාසය කඩ කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව සැකකරු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *