කොළඹ වරාය නගරයේ චීන ජාතික කණ්ඩායම් දෙකක ගැටුමක් – පිස්තෝලයක් සහ සන්නිවේදන උපකරණයක් සොයාගනී

කොළඹ වරාය නගරයේ චීන ජාතික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකට සම්බන්ධ බවට සැලකෙන වාහනයක තිබී පිස්තෝලයක් සහ සන්නිවේදන උපකරණයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, මෙම ගැටුමෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි.

එමෙන්ම ගැටුම අතරතුර තුවාල ලැබූ බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයෙකු, ගැටුමට සම්බන්ධ ප්‍රතිවාදී කණ්ඩායමේ සාමාජිකයන් විසින් එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය වූ ස්ථානයේ තිබූ වාහනයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී පිස්තෝලය සහ සන්නිවේදන උපකරණය සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *