කොළඹ වරාය නගරයේ චීන ජාතිකයෙකු පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනෙකු සොයා පොලිසිය මහජන සහාය පතයි

කොළඹ වරාය නගරය ආශ්‍රිතව චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින චීන ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.

පොලිසිය සඳහන් කළේ 2026 ජූලි 23 වැනිදා කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙකුට පහරදීමක් සිදුව ඇති අතර, ඉන් එක් අයෙකු පසුව පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකරයි.

අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ.

පොලිසියට අවශ්‍යව සිටින සැකකරුවන් ලෙස Chen Hongbing, Lu Gao සහ Xiang Huacheng හඳුනාගෙන තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් තිදෙනාම සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔවුන්ගේ වීසා කාලය අවසන් වී තිබුණද තවදුරටත් මෙරට රැඳී සිටින බවට විශ්වාස කරන බවයි.

සැකකරුවන් ගුවන් හෝ මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස රටින් පලා යාමට උත්සාහ කළ හැකි බවටද පොලිසිය සැක පළ කර තිබේ.

එබැවින් ඔවුන් පිළිබඳ තොරතුරක් දන්නා ඕනෑම අයෙකුට කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා 071-8591735 ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *