ඔක්තෝබර් 07 වැනිදා දිවා කාලයේදී උණුසුම් දර්ශකය ‘අවධානය යොමු කළ යුතු මට්ටම’ දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය ප්‍රදේශ රැසකට ඇම්බර් උණුසුම් කාලගුණ උපදේශයක් නිකුත් කර තිබේ.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට මෙම උපදේශය අදාළ වේ. උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මිනිස් සිරුරට දැනෙන උණුසුම සම්බන්ධයෙන් අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දී ඇත.
උණුසුම් දර්ශක පුරෝකථනයට අනුව මෙම ප්‍රදේශවල උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර මට්ටමකට ළඟා විය හැකිය.
මෙම ‘අවධානය යොමු කළ යුතු මට්ටමේදී’ දීර්ඝ වේලාවක් උණුසුමට නිරාවරණය වීම සහ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් දැඩි වෙහෙසක් ඇති විය හැකි අතර, එලෙස අඛණ්ඩව ශාරීරික වෙහෙසට පත්වීමෙන් මාංශපේශී කැක්කුම් ඇතිවීමේ අවදානමද ඉහළ යා හැකිය.
මෙවැනි තත්ත්වයක් හමුවේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ උපදෙස් මත බලධාරීන් විසින් පූර්වාරක්ෂක පියවර කිහිපයක් දැනුම් දී තිබේ.
එළිමහනේ සහ රැකියා ස්ථානවල කටයුතු කරන පුද්ගලයන් දැඩි ශාරීරික ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත්, නිතර සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සැහැල්ලු සහ ලා පැහැති ඇඳුම් භාවිත කරන ලෙසත් උපදෙස් දී ඇත.
ගෘහස්ථව සිටින විට වැඩිහිටි පුද්ගලයන් සහ රෝගීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසද දැනුම් දී තිබේ.
එමෙන්ම කිසිදු අවස්ථාවක දරුවන් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙස වැඩිහිටියන්ට දැඩි ලෙස අවවාද කර ඇත.
වැඩිදුර උපදෙස් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා සූදානම් කිරීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ අංශය විසින් නිකුත් කරන ඉදිරි උපදේශන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද ජනතාවට දැනුම් දී තිබේ.



