කොවිඩ් වෙනුවෙන් සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 1,640ක්

මෙරට කොවිඩ්-19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරී‍මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලෝක බැංකුව ඉකුත් සඳුදා (22) රුපියල් කෝටි 1,640ක පමණ අමතර මුදලක් අනුමත කර තිබෙන අතර හදිසි මූල්‍යකරණ පහසුකමක් ලෙස තවත් ඩොලර් මිලියන 1.72ක් වෙන්කොට ඇති බව වාර්තා වේ.

ලෝක බැංකුව පවසා සිටින්නේ කොවිඩ්-19 මගින් එල්ලවන තර්ජන වැළැක්වීමට, හඳුනා ගැනීමට හා ඒවාට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ඉහළ නැංවීමට හා රටේ මහජන සෞඛ්‍ය සූදානම වැනි කරුණු උදෙසා ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය පිටුවහලක් වනු ඇති බවයි.

අදාළ ණය මුදල ආපසු ගෙවීමට වසර පහක කාලයක් හා වසර තිහක කල්පිරීමක් ලෝක බැංකුව විසින් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *